රත්නපුර මහනගර සීමාව තුළ පුද්ගලයන් 16 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.
ඒ අතර එකම පවුලේ 07 දෙනෙකුද සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කළහ.
රත්නපුර මහජන පොළෙන් එක් ආසාදිතයකු හඳුනාගැනීමත් සමඟ එම පොළ අද තාවකාලිකව වසා දැමුණි.
අවට ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තාවීම නිසා රත්නපුර නගරයේ ඇති පාසල් 03 ක්ද වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.
රත්නපුර ගඟබඩ සීවලී විද්‍යාලය, රත්නපුර අල්මකියා මුස්ලිම් විද්‍යාලය සහ රත්නපුර ධර්මරාජ විද්‍යාලය එලෙස වසා දමා තිබුණි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ