කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රවීණ රංගන ශිල්පී සෞම්‍ය ලියනගේ මහතා පසුගිය සැප්තැම්බර් මස සුදුසුකම් සපුරා නැතැයි එම ධූරවලින් ඉවත් කරනු ලැබූවා.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය නිසි බලධාරියා වන මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා සඳහන් කර තිබුනේ මෙම ඉවත් වීම සිදුකර ඇත්තේ සෞම්‍ය ලියනගේ මහතා කථිකාචාර්යවරයෙකු ලෙස පත්වී ඉන්පසු වසර අටක් පරිවාස කාලය නිම වන්නට පෙර සපුරාලිය යුතු පශ්චාත් උපාධි සුදුසුකම සම්පූර්ණ නොකිරීම හේතුවෙන් බවයි.
මෑතකදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට පත්වුණු උපකුලපති වරයා වන ජෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනාරච්චි මහතා සෞම්‍ය ලියනගේ මහතාගේ පත්වීම පිළිබදව විමර්ෂණය කිරීමට භාහිර ත්‍රිපුද්ගල කමිටුවක් පත්කලා. සෞම්‍ය ලියනගේ මහතාද තමන්ගේ පත්වීම පිළිබදව මානව හිමිකම් නඩුවක් ගොණුකර තිබූ අතර ඊයෙ (17) කමිටු වාර්ථාව අනුව ඔහුට හිමි මහාචාර්ය පදවිය නැවත ප්රදානය කොට තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ