පොදුජන පෙරමුණ රජය පළාත් පාලන මට්ටමේ සිටින සිය මහජන නියෝජිතයින්ට දිගින් දිගටම කෙනෙහිලිකම් කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම දයාසිරි ජයසේකර මහතා පසුගියදා ප්‍රසිද්ධියේම චෝදනා කරන ලදී.
ඇතිව තිබෙන මෙම තත්වය පදනම් කොටගෙන පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී තනිව තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධානය යොමුව තිබීම ඊට ප්‍රතිචාර දැක්වීමේ එක් පියවරක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
පළාත් පාලන මට්ටමින් පමණක් නොව පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දීමේදී සිය පක්ෂය නම් කළ පළමු නම වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා නොසලකා ඊළඟට තිබූ සුරේෂ් රාගවන් මහතාට එම අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොවිමසා පොදුජන පෙරමුණ පියවර ගෙන තිබීම ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානයට යොමුව තිබේ.
2018 පෙබරවාරි 10 වැනි දින පැවැති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එම පක්ෂය සන්ධාන ගතව සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානය සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 14% ක පමණ ප්‍රමාණයක් ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු කර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් එළැඹෙන පළාත් සභා මැතිවරණයට තනිව තරග කිරීමෙන් සැලකිය යුතු ජයග්‍රහණයක් ලබාගැනීමට හැකි බවට තක්සේරු කොට තිබේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ