බොරැල්ලේ සිට මත්තල ගිය බස් රථයක 51ක් නිරෝධායනයට

හුදකලා කරන ලද ප්‍රදේශයක පදිංචිකරුවෙකු ඇතුලූ 51 දෙනෙකු සමග නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ගමන් ගත් බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී පොලිසිය භාරයට ගෙන තිබෙනවා.බස් රථයේ ගමන් කළ පිරිස බොරැල්ල ප්‍රදේශයේ භාරයට ගත් මෙම පිරිස යළිත් බොරැල්ල ප්‍රදේශය වෙත හරවා එවා ඇති අතර ඔවුන් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබෙනවා.ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ

WP Twitter Auto Publish Powered By : XYZScripts.com