මධ්‍යම අධිවේගී මාර්ග කඩිකම් කිරීමේ ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ පොතුහැර සිට ගලගෙදර දක්වා අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද 2020.12.19 දින ආරම්භ විය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියර පොතුහැර සිට ආරම්භ වී රඹුක්කන හරහා ගලගෙදර දක්වා කි.මි.31.7 ක ප්‍රමාණයක ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීම අද දිනයේ සිදුවිය. මෙම අදියර මංතීරු හතරකින් සමන්විත වේ.
මෙම කොටසේ ඉදිකිරීමේ කටයුතු, ඉදිකිරීම් අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණ කටයුතු මහා මාර්ග අමාත්‍යංශයේ සෘජු මඟ පෙන්වීම හා උපදෙස් පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු ලබයි.
මාස 42 ක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිත මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා ඇස්තමේන්තුගත ඉදිකිරීම් පිරිවැය රුපියල් බිලියන 142.5 කි.
තෙවන අදියරේ ඉදිකිරීම් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට බිලියන 5ක මුදලක් වැය කර ඇති අතර, තවත් කෝටි 100 ක මුදලක් වැය කිරීමට නියමිතය.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු හා දෙවන අදියරෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ