සංචාරක අමාත්‍ය කාර්යාලය මෙතෙක් පිහිටියේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 25 වන මහලේ වන අතර ඊට විශාල මුදලක් වැයවීම හා ජනතාවගේ පහසුව සලකා මෙම තීරණයට එළැඹි බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙතෙක් රක්ෂණ මන්දිරයේ පිහිටි සංචාරක අමාත්‍යංශය ලබන වසරේ මුල් කාර්තුවේ සිට අලුතින් පිහිට වූ කොළඹ 01,යෝර්ක් වීදිය 51-ඊ පිහිටි ඇසෙට් ආකේඩ් ගොඩනැගිල්ලටම රැගෙන යන අතර ඒ අනුව සිය අමාත්‍ය කාර්යාලය ද එම ගොඩනැගිල්ලට ගෙනයාමට තිරණය කල බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ අමාත්‍යංශය එක තැනකත් අමාත්‍ය කාර්යාලය තවත් තැනකත් පැවතීම නිසා ජනතාවට දුෂ්කරතාවයන්ට පත්වීමට සිදුවන බැවින් ජනතා සේවය වඩාත් කාර්යක්ෂම ඉටුකිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටියේය
කඩිනමින් එම ස්ථානයට සිය කාර්යාලය ගෙනයාමට අවශ්‍ය වුවද ඉඩකඩ පිළිබඳ පශ්නයක් නිසා තව මාස කීපයක් ඒ සඳහා ගතවිය හැකි බවද ඔහු කීවේය.
ජනතාවාදී අමාත්‍යංශයක් ලෙස සංචාරක අමාත්‍යංශය ජනතාව අතරට ගෙනයාමත් හොඳම අමාත්‍යංශ වලින් එකක් ලෙස සංචාරක අමාත්‍යංශය ඉහලට ගෙන ඒමත් සිය අපේක්ෂාව බව ඔහු එහිදී කීවේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ