ලබන ජනවාරි 1 වැනිදා දක්වා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එමෙන්ම සෙසු දිස්ත්‍රික්ක සඳහා සංචරණ සීමා පනවන ලෙසද ඔවුන් මෙහිදී ඉල්ලා තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ කොළඹ නගර සභාව ආශ්රිත ප්‍රදේශ කොරෝන වෛරසය ව්‍යාප්තවීමේ අධි අවදානම් සහිත ප්‍රදේශයක් බවයි.
නත්තල් දිනය සහ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ජනතාව සෙසු දිස්ත්‍රික්ක කරා යා හැකි බැවින්, වෛරසය තවදුරටත් පුළුල්ව ව්‍යාප්තවිය හැකි බවට ද සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ