කල්බදු සමාගමක සේවකයින් පිරිසක් යැයි කියන කණ්ඩායමකගේ අමානුෂික පහර කෑමකින් ඝාතනයට ලක් වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (14) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ, කැස්බෑව පොදු සුසාන භූමියේදීයි.
සුනිල් ජයවර්ධන මහතාට ගෞරවයක් දැක්වීම පිණිස, අද පස්වරුවේ විනාඩි 30 ක කාලයක් සදහා තී‍්‍රරෝද රථ ධාවනයෙන් ඉවත්වීමටයි තී‍්‍රරෝද රථ සංගම් සූදානම් වන්නේ. අද සවස 2.30 සිට 3.00 දක්වා එම අවස්ථාවට එක් වන්නැයි සියලු ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන බවයි සඳහන් කෙරුණේ.
සුනිල් ජයවර්ධන මහතා වෙනුවෙන් නිසි ගෞරවය හිමි විය යුතු බවයි සමස්ත ලංකා තී‍්‍රරෝද රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ සංගමයේ ප්රචාරක ලේකම් කපිල ගලපිටගේ පැවසුවේ.
මහනුවර තී‍්‍රරෝද රථ සංගමයේ සභාපති ඞී. ජේ. රූපසිංහ සදහන් කළේ සවස 2.30 සිට 3.00 දක්වා තී‍්‍රරෝද රථ ධාවනයෙන් ඉවත් වීමට සූදානම් බවයි.
ශ්‍රී ලංකා ස්වයං රැකියා සම්මේලනයේ සභාපති ඩබ්ලිව්.ඒ. මිල්ටන් සිසිල කියාසිටියේ එම ඝාතනය සම්බන්ධයෙන් නිිසි සාධාරණයක් ඉටුවිය යුතු බවයි.
ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ මරණයත් සමග මෙරට ලීසිං සමාගම් ඇතුළු මූල්‍ය සමාගම් විසින් වාහන අත්පත් කර ගැනීමේදී මෙතෙක් සිදුකළ මාෆියාව පිළිබද රට හමුවේ අනාවරණය වුණා. රජය විසින් ලබාදුන් සහන කාලය තුළදි වාරික ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අත්පත් කර ගන්නා වාහන පිළිබද පොලීසිය වෙත පැමිණිලි ලැබුණහොත් සොරකම හෝ කොල්ලකෑම යන වැරදි යටතේ අදාළ ආයතන සම්බන්ධයෙන් විමර්ශනය කර නීතිමය පියවර ගන්නා ලෙසටයි සියළු පොලිස් ස්ථාන ද දැනුවත් කර ඇත්තේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ