කොරෝනා දේහ අවසන් කටයුතු පිළිබද පත් කළ කමිටුව අද රැස්වෙයි

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කරන්නේද භූමදාන කරන්නේද යන්න සම්බන්ධයෙන් ඇති ගැටළුව විසඳීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා උපදෙස් ලබා දී තිබිනි.

ඒ  සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා රජය පත් කළ කමිටුව අද රැස්වීමට නියමිතයි.

කොරෝනා ආසාදිත දේහ භූමදාන කළහොත් වෛරසය භූගත ජලයට එක්වීමේ අවදානමක් පැවතිය හැකි බවට මත පළ වී තිබුණා.

2003 වසරේදී පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනාගැනීම සහ එම වසංගතය පාලනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යක් ඉටුකළ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වන මහාචාර්ය මලික් පීරිස් මහතා සදහන් කරන්නේ කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදාන කළහොත් වෛසරය භූගත ජලයට එක්විය හැකි බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැති බවයි.

ඒ බී. බී. සී. පුවත් සේවයට අදහස්  දක්වමිනුයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com