සමගි ජන බලවේගයේ තරුණ ව්‍යාපාරය වන ‘සමගි තරුණ බලවේගය’ එළි දැක්වීම ජුනි 15 (සඳුදා) සවස 3.30ට කෝට්ටේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වේ.
තරුණ බලවේගය එළිදැක්වීමේ අවස්ථාවේදී තරුණ ප්රඥප්තිය සහ තරුණ ප්‍රතිපත්ති රාමුව සමගි ජන බලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට වෙත පිළිගැන්වීම ද සිදුවන බවයි වර්තා වන්නේ.
අදාල ප්රඥප්තිය සහ ප්‍රතිපත්ති රාමුව ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් සමගි තරුණ බලවේගය හා සජිත් ප්‍රේමදාස මහතා අතර සම්මුතියකට එළඹීමට ද නියමිතය.
තරුණ පරපුරට අදාල පුළුල් ප්‍රතිසංස්කරණ ඇති කිරීම හා දේශපාලනයේ සෑම තලයක් තුළ තරුණ නියෝජනය සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් සමගි තරුණ බලවේගය ස්ථාපිත කර තිබේ. මෙහි සාමාජිකත්වය ඉදිරියේදී මිලියනය දක්වා ඉහළ නැංවීමට ද එම සංවිධානය අදහස් කරගෙන සිටී.
එමෙන්ම බිම් මට්ටමේ ඉස්මතු වන තරුණ නායකයන්ට දක්ෂතා පෙන්වා පක්ෂයේ ඉහළම ස්ථරවලට පැමිණිය හැකිවන යාන්ත්‍රණයක් ද මෙම තරුණ ව්‍යාපාරය විසින් සැකසීමට සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේගය ප්‍රකාශ කරයි.
Chanaka Aravinda
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ