බ්‍රිතාන්‍ය වෙත යැවෙන සියලු තැපැල් භාණ්ඩ සඳහා 2021 ජනවාරි මස 1 වන දා සිට බදු ප්‍රතිපත්ති සංශෝධනය වී තිබේ.
බ්‍රිතාන්‍ය රාජකීය තැපැල් පරිපාලනය විසින් ඒ බව දැනුම් දී ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
ඒ අනුව, පහත සඳහන් නීතීන් හා රෙගුලාසි අදාළ වන බව දන්වා සිටී.
- 2021.01.01 සිට බ්‍රිතාන්‍ය වෙත යැවෙන සෑම තැපැල් අයිතමයක් සඳහාම එරට ක්‍රියාත්මක වන VAT බදු ප්‍රතිපත්තියට හා අනෙකුත් බදු ප්‍රතිපත්තිවලට යටත් වේ.
02) තැපැල් හරහා ශ්‍රී ලංකාවේ වෙසෙන පුද්ගලයෙකුගෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන පුද්ගලයෙකු වෙත යැවෙන තැපැල් අයිතමයක වෙළෙඳපොළ වටිනාකම ස්ටර්ලින් පවුම් 39ට අඩු තෑගි භාණ්ඩ සඳහා පමණක් එම බදු ප්‍රතිපත්තිය අදාළ නොවේ.
03) ඉහත කරුණ යටතේ ඇති බදු සහනය ලබාගැනීම සඳහා අදාළ අයිතමය පුද්ගලික තෑගි භාණ්ඩයක් බව පැහැදිළිව තහවුරු වියයුතු අතර ඒ සඳහා වන ඉන්වොයිස්පත භාණ්ඩය සමග ඉදිරියට යැවිය යුතුය. එසේ නොවුනහොත් අදාළ බදු ප්‍රතිපත්තින් අදාළ වන පරිදි බ්‍රිතාන්‍ය රේගුව විසින් කටයුතු කරනු ලබන බව වැඩිදුරටත් සඳහන් වේ.
04) මෙරටින් බ්‍රිතාන්‍ය වෙත යැවෙන තැපැල් අයිතමයේ වෙළෙඳපොළ වටිනාකම ස්ටර්ලින් පවුම් 135ක් දක්වා වන අයිතමයන් බ්‍රිතාන්‍ය VAT ප්‍රතිපත්තියට යටත්වන අතර ස්ටර්ලින් පවුන් 135ට වැඩි වටිනාකමකින් යුත් අයිතම සඳහා බ්‍රිතාන්‍ය VAT ප්‍රතිපත්තියට අමතරව බ්‍රිතාන්‍ය රජය විසින් තීරණය කරනු ලබන අනෙකුත් බදු ප්‍රතිපත්තීන්ට ද යටත් වන බව දන්වා ඇත.
05) එම බදු ප්‍රතිපත්ති පිළිබඳ සියලු තොරතුරු පහත වෙබ් යොමුව තුළින් ලබාගත හැකිය.
06) 2021.01.01 දින සිට අදාළ බදු ප්‍රතිපත්තීන් අනුව බ්‍රිතාන්‍ය වෙත තැපැල් භාණ්ඩ යොමුකරන සියලූම පාරිභෝගිකයන් කටයුතු කළ යුතු අතර එසේ අනුකූල නොවීම තුළ බ්‍රිතාන්‍ය රාජකීය තැපෑල / බ්‍රිතාන්‍ය රේගුව විසින් අදාළ භාණ්ඩ පිළිබඳ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සඳහා පාරිභෝගිකයා පුද්ගලිකව වගකීම දැරීමට සිදුවන අතර, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව එම VAT බදු හෝ අනෙකුත් බදු ගෙවීම් පිළිබඳ කිසිදු අයුරකින් වගකීම් නොදරන බව ද නිවේදනය කරයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ