කොවිඩ් – 19 වසංගතය හමුවේ මෙරට ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව,සෑම ආර්ථික මධ්‍යස්ථානයකටම කොවිඩ් -19 මර්ධන කටයුතු සදහා එම මධ්‍යස්ථානයට ආවේනික සැලැස්මක් සකස් කිරීම.
එම සැලසුම් ක්‍රියාත්මක වීම පිළිබදව සොයා බැලීමට ඒ් වෙනුවෙන්ම නිළධාරියෙකු පත් කිරීම.
ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය නිරතුරුවම පිරිසිදුව පවත්වාගෙන යාම.
ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ බුලත් කෑම / දුම් බීම / කෙළ ගැසීම නොකළ යුතු බව මධ්‍යස්ථාන පරිශ්‍රයට පැමිණෙන ජනතාව දැනුවත් කිරීම.
පුද්ගල දුරස්ථභාවය පවත්වා ගෙන යාමට කටයුතු කිරීම.
ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ කසළ නිසි ලෙස බැහැර කිරිම.
ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයට පැමිනෙන්නන් අහඔු ලෙස PCR පරීක්ෂණ වලට යොමු කිරීම.
ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයට පැමිණෙන්නන්ට දෑත් සේදීමට අවශ්‍ය පහසුකම් සැළසීම.
එම මාර්ගෝපදේශන මාලාවට ඇතුළත්.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි