සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 16 ක් සපිරෙනවා.
2004 වසරේදී අද වැනි දිනක ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ ගැඹුරු මුහුදේ හටගත් රික්ටර් මාපකයේ ඒකක 9 ක ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙනුයි මෙම ඛේදවාචකය සිදුවුණේ.
එමගින් ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, තායිලන්තය, ඉන්දියාව ඇතුලූ රටවල් දහ හතරකින් වාර්තාවූ පුද්ගල මරණ සංඛ්‍යාව දෙලක්ෂ 28 දහසකට ආසන්නයි.
මෙරටින් වාර්තා වූ තහවුරු කරගත් මරණ සංඛ්‍යාව 35 දහසකට ආසන්න වනවා.
ඉන් දෙදහසකට ආසන්න පිරිසක් මියගියේ ලොව දරුණුතම දුම්රිය අනතුර ලෙස සැළකෙන පැරෑළිය – තෙල්වත්ත දුම්රිය අනතුරෙන්.
සුනාමි ව්‍යසනයේ 16 වන සැමරුම සහ ජාතික සුරක්ෂිතතා දිනය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් අද සංවිධාන කර තිබුණා.
ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුවයි.
මේ අතර සුනාමි ඇතුලු ආපදාවලින් මියගිය අය සිහිකිරීම වෙනුවෙන් අද පෙරවරු 09 යි 25 සිට විනාඩි 02 ක නිහඩතාවයක් පැවතියා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ