ආදරය කියන දේ කවදා කෙතනකදී කාසමග ඇති වෙනවද කියලා කල්තියා කියන්න පුළුවන්දෙයක් නොවෙයි.ඒක අපිටත් හොරා අපෙ හිත්වල ටිකෙන්ටික පැලපැදියම්වෙන සුන්දර හැගීමක්. සැබැවින්ම ආදරය, සොයන්නාට හමුනොවන නමුදු අහඹුවෙන් හමුවන අරුමපුදුම හැගීමකි. එසේ හමුවන ප්‍රේමයක,එය දැනෙන්න ඒ තුළ රාගයක් තිබිය යුතුමද? රාගයක් ඇතිවීම පෙමකට වුවමනාවක්ද? එය අවශ්‍යයද? මිනිස් සිතට ආදරයක් දැනුනාම එය කෙසේ හෝ තමන්ගේ කරගැනීමටයි බෙහෝ දෙනා උත්සාහ කරන්නෙ. ආදරය කියන්නෙ ලබා ගැනීම එහෙමත් නැත්නම් අයිති කර ගැනීම නොවෙයි තේරුම් ගැනීමයි. එය එසේ නොවන තැන පවුල් සංස්ථාව මෙන්ම බැදීම්ද මිය දෙනවා. ජාතීය / ආගම /කුලය / වර්ණය වැනි කාරණා මත ද සැබෑ ආදර කතා නිමාවට පත්වන්නේ පුද්ගලයන් තුළ තනිකම ඉතුරු කරමින්.
Spike Jonze අධ්‍යක්ෂණය කළ Her චිත්‍රපටය ඔස්සේ කතා කරන්නෙද තියඩෝ නම් පුද්ගලයාගේ අමුතු විදියේ ආදර කතාවයි ගැනයි. ආදරේ එක්ක තියඩෝ තදින්ම බැදෙනවා. කොටින්ම කිව්වොත් එයට අබ්බැහි වෙනවා. විවිහා ජීවිතයේ දෙදරා ගොස් තනියෙන් ජීවත්වන තියඩෝට, කෘත්‍රීම බුද්ධියක් සහිත පරිගණක මෙහෙයුම් පද්ධතිය ඔහුගේ ජීවිතයට නැවතත් සතුට කැන්දනවා. කාන්තා හඩක් සහ කාන්තා පෞරුෂයකින් හෙබි මෙම මෙහෙයුම් පද්ධතිය තියඩෝ හදුන්වන්නේ සමන්තා නමින්.
සමන්තාගේ කටහඩට සහ මානසික දියුණුවට වශිවන තියඩෝ නොදැනුවත්ම පරිගණක මෙහෙයුම් පද්ධතියට පෙම් බදිනවා. ඒත් මේ ආදරේ පැවැත්මක් නැති අනියත ඒත් පුදුමකාර හැම මනුස්සයෙක්ම ලැබෙන්නම ඕන කියලා ප්‍රාර්ථනා කරන අන්දමේ ආදරයක්.මුහුණ නොබලා පෙම් කිරිම, හිමි නොවන බව දැන දැන ආදරේ කිරීම කියන එක නම් කාටත් අලුත් දෙයක් නොවෙයි. හැබැයි තියඩෝට හිමිවන්නේ අස්වාභාවික අදරයක්. උදෑසන අවදි වූ වෙලාවේ සිට රාත්‍රීයේ නින්දට යන තෙක්ම ඔහු සමග ජීවිතය බෙදා ගන්නේ සමන්තා නම් පරිගණක මෙහෙයුම් පද්ධතියයි. තමන් කාර්යාලයේ කරන වැඩ, විනෝදාංශ මෙන්ම කනබොන , අදින පලදින දේ පවා තියඩෝට තෝරා දෙන්නේ සමන්තායි.
ඒත් එක් දිනක් තියඩෝට හිනකින්වත් නොසිතූ සිදුවීමකට මුහුණ පාන්න සිදුවනවා. ඒ තමයි චිත්‍රපටයේ උච්චතම අවස්ථාව(Climax) විදියට මන් දකින්නේ. සමන්තා එකපාරටම තියඩෝ සමග කතා කරන්නේ නැතුව ක්‍රියා විරහිත වනවා.තියඩෝට මෙය දරා ගන්න පුළුවන් වෙයිද, කිසිසේත්ම බැහැ. ඔහු මානසිකව කම්පනයට පත්වනවා.තමන් වැඩියෙන්ම ආදරය කරන සමන්තාට මොකද වුණේ කියලා තියඩෝට ඇතිවෙන්නේ දැඩි කුතුහලයක්. ඒ හේතුවෙන්ම ඔහුගේ එදිනෙදා වැඩ කරගන්න තරම්වත් මානසික ශක්තියක් ඔහු ළග ඉතුරුවෙන්නේ නැහැ. තමන්ගේ දුක සැප සොයා බැලු සමන්තාට මොකද වුණේ යැයි කල්පනා කරමින් ඒහෙ මේ අත ගමන් කරන්නෙද ඒ නිසාවෙනි.
දවස් කිහිපයකට පසු නැවතත් සමන්තා තියඩෝ සමග දුරකතනය හරහා සම්බන්ද වනවා.තියඩෝ ඔහු විදි මානසික පිඩාව සමන්තා ඉදිරියේ මුදා හරින්නේ අඹුසැමි සබදතාවක සබෑ ස්වරූපය විදා දක්වමින්. ඔහු අසන්නේ ‘මං හැරෙන්න තවත් අය ඔයා එක්ක කතා කරනවාද’ කියලයි. සමන්තා පවසන්නේ ‘ඔව් මම එකම වෙලාවේ මිලියන ගණනක පිරිසකට කතා කරන බවත් ඇය ලබා දෙන්නෙ සේවයක්’ බව සමන්තා තියඩෝට පවසනවා. එය ඇසු පමණින් තියඩෝ වික්ෂිප්ත වී නොසැල්ලි බලා සිටිනවා. ඔහුට තමන් අවිඥාණයෙන් එල්බ සිටි ෆැන්ටසි ලෝකය පිලිබදව නැවතත් සිතන්නට යමක් චිත්‍රපටයේ ඉතුරු කරනවා. මනුෂ්‍යයින් බැදිම් සමග අත්‍යන්තයෙන්ම දැඩිව අල්ලාගෙන ඉන්නේ. ඒ බැදීම් නැති වූ විට ඇතිවන්නේ දුකක්. සමන්තාගේ සහ තියඩෝගේ මේ අපුරු ප්‍රේමවෘතාන්තය නැරඹුවහොත් ඔබටත් තේරේවී බැදීම් තුළ ඇති වටිනාකකම.
චිත්‍රපටය තුළ සමන්තාගේ කටහඩට පනපොවන්නේ සුපිරි නිළි ස්කාලට් ජොහැන්සන්. 2013 වසරේ දෙසැම්බර් ප්‍රදර්ශනය කෙරුණු මෙම චිත්‍රපටය එම වසරේ හොදම චිත්‍රපටය ලෙස තේරි NBR සම්මාන උළෙලේදී තේරිපත්වනවා. 2014 ඇකඩමි සම්මාන උළලේදී හොදම පිටපත සහ හොදම තිර රචනය වෙනුවෙන් ඔස්කාර් සම්මනාය හිමි කර ගත්තා. ශ්‍රේණිගත කිරිම් අනුව හොදම චිත්‍රපටි 250 අතරට මෙය ඇතුලත්ව තිබිමත් විශේෂත්වයක්.
මෙම චිත්‍රපටයේ පිටපත දැක්වෙන්නේ නම් 2025 වෙන සිදුවිමක් හැටියට තමයි. විද්‍යා ප්‍රබන්ධයක් ලෙස චිත්‍රපටය සැලකුවද ඇත්තටම මෙවැනි සිදුවිම් සමකාලීන සමාජ සන්දර්භය තුළ ද දකින්න පුළුවන් වීම මෙහි ඇති කාලීන වැදගත් බව නිරූපනය කෙරෙනවා.
- චිත්‍රපටය තුළින් නිරූපණවන වත්මන් සමාජ සිදුවීම්
මෙ වන විට ලෝකය විද්‍යාව තාක්ෂණයේ හිණිපෙත්තට ගොස් හමාරය. කොරෝනා වැනි වසංගත පිලිබද මිට පෙර චිත්‍රපට (contagion) (2011) නිර්මාණය වුවද සත්‍ය ලෙස මෙවැනි වසංගතයක් 2020 වන විට ලොවම වෙලාගනියි කියලා කවුරුත් විශ්වාස නොකරන්නට ඇති.
Her චිත්‍රපටය 2013 එළිදැක්වුවද අද වන විට මෙවැනි කෘත්‍රීම බුද්ධිය සහිත සිදුවන විවාහ සමාජය තුළ දැක ගන්න පුළුවන්. එය මිනිස් චිත්ත චෛතසිකයේ අවිඥාණයේ තැන්පත්වන දේට එම පුද්ගලයන් ඇලුම් කරන්නේ ඊට ජීවය තිබෙන බව සලකමින්. එය පුහුදුන් මිනිස් මනසේ ස්වභාවයයි. සම්ප්රාදානුකුල සමාජ දෘෂ්ටියෙන් බැහැරවෙන මෙවැනි විවාහ අනාගතයේදී වැඩිවිමේ ඉඩකඩක් නැතුවාම නොවෙයි. අද්‍යතනයේ මිනිසාගේ කාර්යබහුලත්වයත් සමග මෙවැනි විවාහ ක්‍රමවලට යොමු වන බවයි සමාජ පරේෂකයින් පෙන්වා දෙන්නේ. එවැනි ආකාරයට සිදු වූ විවාහ ගිවිස ගැනිම් කිහිපයක් මේ ආකාරයට පෙලගැස්විය හැකිය.
1. රොබෝවෙක් සමග සිදු වූ චීන විවාහය
චංචියචියා (ZhengJiajia) යනු චීනයේ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ ඉංජිනේරුවරයෙක්. Huawei සමාගමෙන් ඉවත්ව ඔහු තමාගේම ව්‍යාපාරයක නියුතුවසිටියා. අවුරුදු 31 විවාහ කර ගත්තේ යිංයිං (Yingying) රොබෝවරියයි. මාස දෙකක් පුරාවට පෙමින් වෙළී සිටි ඔවුන් චීනචාරිත්ර විධිවලට අනුකූලව විවාහ වනවා.
2. Nintendo ගේම් එකක චරිතයක් සමග විවාහයක්
ගේමිං කොන්සෝල් එකක් වන Nintendo Ds සකසන ලද චරිතයක් සමග විවිාහ පුද්ගලයෙකු ගැන තමයි දැන් කියන්නේ.Sal9000 නමැති ක්‍රීඩක නාමයෙන් පෙනී සිටින 27 හැවිරිදි ජපන් තරුණයකුතමන්ගේ සැබෑ දිවියේ භාර්යාව ලෙස තෝරා ගන්නේ ‘නැනෑ අනිගසාකි’ නමැති එම ක්‍රිඩාවේ ඉන්න චරිතයක්. ඇයව තේරුම් ගෙන නිදහසේ ජීවත් වීමට පහසු බවයි එම ජපන් තරුණයා පවසන්නේ.
3.ලිංගික බොනික්කියක් විවාහ කර ගත් කායවර්ධන ශිල්පියා
කසකස්තානයේ කායවර්ධන ශිල්පියෙකු තම මානාලිය ලෙස තෝරා ගත්තේ ලිංගික බෝනික්කියක්.යූරි ටොලොච්කෝ නම් වූ මෙම කායවර්ධන ශිල්පියා මාස 18 ක් තිස්සේ ‘මාගෝ’නම් වූ ලිංගික බෝනික්කා සමඟ පෙම් සබඳතාවක් පවත්වා මෙලෙස විවාහ දිවියටඇතුළත් වුණා.
ආසියාතික රටක් විදියට ශ්‍රී ලංකාවේද අතීතයට සාපෙක්ෂව අද වන විට විවාහයන් දික්කසාද වීමේ වැඩි ප්‍රවණතාවක් දැකිය හැකිය. විවාහ වී මාස 06ක් යාමට පෙර මෙලෙස දික්කසාද වීම් පිලිබද පුවත් අසන්නට ලැබෙන්නේ ඒ නිසාවෙන්මයි. Her චිත්‍රපටය තුළින් පෙන්වන්නේ ද අනෙකාව තේරුම් ගැනිමේ කලාවයි.
– චාරක මුණසිංහ
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව