හිටපු පාපන්දු නායකයාට අලුත් සංචිතයේ තැන නැති වුණේ ඇයි? පාපන්දු සංගමයේ සභාපති කියන කතාව

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු නායක මොහොමඞ් ෆසාල් නව ජාතික සංචිතයෙන් ඉවත්කර තිබෙනවා. විනය කඩකිරීමක් සම්බන්ධයෙන් ෆසාල්ට චෝදනා එල්ල තිබුණු අතර ඒ සම්බන්ධයෙන් පාපන්දු සංගමය පසුගියදා පරික්ෂණයක්ද පැවැත්වුවා. එහිදි අනාවරණය වුයේ ෆසාල් අවසරයකින් තොරව නේවාසිකාගාරයෙන් බැහැරවීම අදාළ විනය කඩකිරීමේ චෝදනාවට හේතුවු බවත්, එම බැහැරව යෑම සිදුව ඇත්තේ මානුෂිය හේතුන් මත බවත්ය. කෙසේ නමුත් ෆසාල්ව ජාතික කණ්ඩායමෙන් ඉවත්කිරීමට මෙම සිද්ධියද හේතුවක් වූ බවයි සමාජමාධ්‍ය තුළ ආන්දෝලනාත්මක සදහන් වන්නෙ.

හිටපු පාපන්දු නායකයාගේ ස්ථානය අහිමිවීම සම්බන්ධයෙන් Lanka plus අපකළ විමසිකදී ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති අනුර ද සිල්වා මහතා ප්‍රකාශ කළේ නව ජාතික පාපන්දු කණ්ඩායමට දැනට නම්කළ සංචිතය අවසන් සංචිතය නොවනබවත්, ඉදිරියේදී එය වෙනස්වනු ඇති බවත්ය. මෙය පෞද්ගලික හේතුවක්මත අපගත් තීරණයක් නොවන බවත් ඔහුව සම්පුර්ණයෙන් කණ්ඩායමෙන් ඉවත්කර නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ. නව ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු ලබන මස එනම් ජනවාරි 03 වනදා ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.  වසර 15කට ආසන්න කාලයක්පුරා දේශීය ක්‍රීඩා සමාජ පාපන්දු පිටිය නියෝජනයකළ ෆසාල් වසර 12 කටආසන්න කාලයක් ජාත්‍යන්තරයද නියෝජනය කර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com