වත්මන් රජයට ප්රශස්ති කියමින් සිටියහොත් එය අගාධයට වැටෙනා තුරුම දන්නේ නැතිව යනු ඇති බවත් 2015 යහපාලන රජයට සිදුවුණේ ද එයම බවත් වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
එහෙයින් වත්මන් රජය වැටෙන්නට නොදී එය පෙන්වා දීම තමන්ගේ යුතුකම බවයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආණ්ඩුවේ පවතින නිලධාරී මාෆියාව සම්බන්ධයෙන් නැවත වරක් මාධ්‍ය නාලිකාවක් වෙත අදහස් දක්වමින්.
මහජන ඡන්දයෙන් රාජ්‍ය පාලනය සඳහා තේරී පත්වන තමන් ඇතුළු මහජන නියෝජිතයින්ට ලැබෙන අමාත්‍ය ධුර, ආයතන සහ වගකීම් පිළිබඳව මේ වනවිට තීන්දු ගනු ලබන්නේ ඊට පිටින් සිටින නිලධාරීන් කිහිප දෙනෙකු විසින් බවට ඒ මහතා එහිදී චෝදනා කළේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ