විදෙස් සංචාරකයින් සදහා ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසු මෙරටට පැමිණෙන පළමු විදේශීය සංචාරක කණ්ඩායම අද පැමිණියා.
යුක්රේනයේ සිට මගීන් 185 ක් රැගත් ගුවන් යානයක් අද පස්වරු 02.30 ට පමණ මත්තල ගුවන් තොටුපොළ වෙත ලඟාවුණා.
මෙම ගුවන් යානය පැමිණීමත් සමග සැළසුම් කළ පරිදි කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත විදේශීය සංචාරකයන් රැගත් ගුවන් යානා ඉදිරි දිනවල පැමිණෙනු ඇති.
එම නියමු ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුලුල් ලෙස විදේශීය සංචාරකයන් සදහා විවෘත කරන බවයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි මහතා කියා සිටියේ.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ගුවවන් තොටුපල වසා දැමීමටයි පසුගිය මාර්තු මාසයේදී පියවර ගැනුණේ.
More Stories
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි