සමගි බලවේගයේ අපේක්ෂකත්වයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර හොරගොල්ල වලව්වේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක හමුවී තිබෙනවා.
ඒ අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් ඔහු සමාජ මාධ්‍ය වෙත නකුත් කර තිබෙනවා.
මේ අතර ඇතැමුන් මේ ඡායාරුපය ගැන පවසා තිබෙන්නේ මෙය ඔවුන් දෙදෙනාගේ දේශපාලන ජීවිතයේ වෙනස් පැතිකඩක්ද යන්නයි.
මීට දින කිහිපයකට පෙර තමා මන්ත්‍රී දේශපාලනයට සමුදීමට තීරණය කළ බව සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පැවසුවා.
ඒ අනුව මහ මැතිවරණ සටනින් තමන් ඉවත්වන බවයි මාතර පැවති මාධ්‍ය හමුවකදි ඔහු කියා සිටියේ.
මහ මැතිවරණයේදී තමාට මනාපය ලබා නොදෙන ලෙසද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර වැඩිදුරටත් ඉල්ලා සිටියේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගද මේ වනවිට පසුවන්නේ දේශපාලනික වශයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින්.
ශ්‍රීලනිපයේ ඇයට හිමිව තිබූ ස්ථානයද අහිමි වෙමින් පවතින අතර පසුගිය යහපාලන ආණ්ඩුව ගොඩ නැගීමට ඇය මහත් වෙහෙසක් ගෙන කටයුතු කළ අතර පසුව එහි පාර්ශවයන් බෙදී වෙන්වී වෙන වෙනම මෙවර ඡන්දට ඉදිරිපත් වී සිටිනවා.
කුමන තත්වයක් යටතේ වුවද චන්ද්‍රිකා හිටපු ජනපතිනිය හා මංගල හිටපු මන්ත්‍රීවරයා කාලාන්තරයක් තිස්සේ සමීප මිතුරන් බව නොරහසක්.
1994 ඇය ජනපති කරවූ සටනේ ද ඉදිරියෙන් සිටි මංගල, පසුව කටයුතු කළේ ඇගේ අග සව්වෙකු ලෙසින්.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට