රජයේ සහ තමාගේ ප්‍රතිපත්තිය කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතාවය දීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාවගේ දෛනික වගා කටයුතුවලට බාධා නොකරන ලෙසටයි ඔහු නිලධාරීන්ට උපදෙස් දුන්නේ.
දේශපාලන අධිකාරියේ පූර්ණ සහය ඔවුනට හිමිවිය යුතු බවද කැබිතිගොල්ලෑවේ අද පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනට එක්වෙමින් රාජපක්ෂ මහතා කියාසිටියා.
2012 වසරෙන් පසු ගූගල් සිතියමට අනුව රක්ෂිත මායිම් සලකුණු කිරීමේ දී අවශේෂ කැලෑ ලෙස හදුනාගෙන ඇති ස්ථාන වහාම නිවැරදි ලෙස ජනතාවට වගා කටයුතු සඳහා දීමට මෙහිදී තීරණය වී තිබෙනවා.
ගම්මුන්ගේ පානීය ජල අවශ්‍යතා සහ සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධ ගැටලු කඩිනමින් විසඳීම කෙරෙහි විශේෂ අවධානය යොමු වූ අතර ඒ සඳහා මැදිහත්වන ලෙස පළාත් දේශපාලන අධිකාරියට ජනාධිපතිවරයා විසින් දැනුම් දුන්නේය.
පානීය සහ වගා ජලය සැපයීමට හැකිවන පරිදි නිකවැව සංවර්ධනය කිරීමට තීරණය කෙරිණ. බඩඉරිඟු වගාවට බලපා ඇති සේනා දළඹු උවදුර පිළිබඳව ද ගොවීහු ජනධිපතිවරයා ව දැනුවත් කළහ.
කැබිතිගොල්ලෑව මුලික රෝහලේ සහ වාහල්කඩ ග්‍රාමීය රෝහලේ වෛද්‍ය සහ හෙද පහසුකම් සපුරාලීමට තීරණය කෙරිණ.
පාසැල් දරුවන්ගේ සහ ග්‍රාමීය ජනතාවගේ මගී ප්‍රවාහන පහසුකම සපුරාලීම කෙරෙහි ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.
“ගම සමග පිළිසඳර” වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයට පිරිනැමූ පරිගණක පහසුකම් සහිත “සුහුරු පන්ති කාමරය” ද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණ.
විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ සමූහ විධායක ලලිත් සෙනෙවිරත්න යන මහත්වරු ද එම අවස්ථාවට එක් වූහ.
ජන හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා විහාර හල්ම්ල්ලෑව සිරි සුලුගල් දඹුලු විහාර මූලික පිරිවෙනට ගොස් විහාරාධිපති පූජ්‍ය විහාරහල්මිල්ලෑවේ ධම්මරක්ඛිත හිමි බැහැ දුටුවේය.
ත්‍රස්‌තවාදී තර්ජනවල මුහුණ දෙමින් විහාරස්ථානය ආරක්ෂා කර ගනිමින් කළ ශාසන මෙහෙවර පිළිබඳ ජනාධිපතිතුමා උන්වහන්සේට සිය ප්‍රසාදය පළකළේය.
විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා සහය ලබා දෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.
අමාත්‍ය එස්.එම්. චන්ද්රවසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. නන්දසේන, උද්දික ප්‍රේමරත්න, ආණ්ඩුකාර මහිපාල හේරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් “ගම සමග පිළිසඳරට” එක්ව සිටියහ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව