පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුන් අතර ඒ සඳහා සුදුසු කාලය තීරණය කිරීම ආණ්ඩුවේ වගකීමක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (30) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මැතිවරණය පැවැත්වීම දුෂ්කර හෙයින් එය පැවැත්වීමට අවශ්‍ය කාලය හා පරිසරය ගැන බලා ආණ්ඩුව ඒ ගැන වහාම තීරණයක් ගත යුතු බවයි අත්තනායක මහතා කියාසිටියේ.
”පළාත් සභා මැතිවරණය නොපැවැත්වුවා කියල මුදල් ඉතිරි වෙනවා කියනවා නම් ඒක බොරු තර්කයක්. මන්ත්‍රීවරුන්ට දෙන දීමනාවල නැවතීමක් තියෙන ඒක ඇත්ත. හැබැයි පළාත් සභාව එහෙම්මම ක්‍රියාත්මක වෙනවා. යාන්ත්‍රණය එහෙම පිටින්ම තියෙනවා. ආණ්ඩුකාරවරයෙක් හරහා නැත්නම් ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් හරහා වැරදි විදිහට මේ පළාත් සභා මෙහෙයවනවා. ව්‍යවස්ථාවට අනුව පළාත් සභා මෙහෙයවිය යුත්තේ මහජන නියෝජිතයින් හරහා. මහ ඇමති සහ මන්ත්‍රීවරු හරහා. නමුත් මහජන නියෝජිතයින්ගේ ඒ තිබෙන අයිතිය උදුරාගෙන ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයෙක් හරහා පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ගය ව්‍යවස්ථානුකූල,ජනතා පරමාධිපත්‍ය රකින ක්‍රියාමාර්ගයක් නෙවෙයි. ඒ නිසයි අපි කියන්නේ මේ පිළිබඳව විවිධ කතිකාවත් රටේ තියෙන්නේ පුළුවන්. හැබැයි කොහොම වුණත් පළාත් සභා මැතිවරණය ව්‍යවස්ථානුකූලව තියෙන ආයතන ව්‍යුහයක් නිසා ඒ මැතිවරණය පැවැත්විය යුතුයි.”
එම නිසා කොවිඩ් වසංගත තත්ත්වය අවසන් කර ජනතාවට නිදහසේ ජන්දය දීමට අවස්ථාව ආණ්ඩුව විසින් ලබා දිය යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ