පාර්ලිමේන්තු රැස්වීම් මාධ්‍යයට ආවරණය කිරිම සදහා එක් මාධ්‍ය ආයතනයකින් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට අවසර ලබා දිමට තිරණය කළ බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (30) සදහන් කළා.
මේ අනුව පාර්ලිමේන්තුව නැවත රැස්වන ලබන ජනවාරි 05 වැනිදා සිට පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය සදහා එක් මාධ්‍ය ආයතනයකින් එක් මාධ්‍යවේදියකු බැගින් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුලත් කරගනු ඇති බවද ගුණවර්ධන මහතා පවසනවා.
එක් මාධ්‍ය ආයතනයකට පාර්ලිමේන්තු අවසර පත් දෙකක් නිකුත් කරනු ලබන්නේ මෙලෙස එක් මාධ්‍යවේදීයකුට පාර්ලිමේන්තුවට පැමිණිමට නොහැකි වුවහොත් අවසර පත් හිමි අනෙක් මාධ්‍ය වේදියාට පැමිණිය හැකි වන බැවින් බවද ඔහු සදහන් කළා.
කොවිඩ් 19 වසංගත තත්වය නිසා පාර්ලිමේන්තු රැස්වීමි ආවරණය සදහා මාධ්‍යවෙදින්ට ද තිබු අවසරය පසුගිය ඔක්තෝබර් මස අග සිටදී තාවකාලිකව නවතා දමා තිබුණා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ