නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය නිර්ණායක සකස් කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.
එම කමිටුවේ නිර්දේශ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කිරීම සඳහා ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
නව පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතු මෙම මාසයේදී ආරම්භ කෙරෙනවා.
මේ අතර පසුගිය මහ මැතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ට මැතිවරණයට අදාළ කාලසීමාව සඳහා වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.
මේ අතර පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමක් ලබන 11 වනදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නිළධාරීන්ගේ රැස්වීමක් ද එදින පස්වරුවේ පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ