අවිද්‍යාව පසුපස නොයා යථාර්ථයට මුහුණ දෙමින් මෙම වසරේදී කොරෝනා වසංතයට එරෙහි එන්නතක් ජනතාව වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලීමක් කරනවා.
අසල්වැසි රටවල් පවා කොරෝනා වසංගතයට එරෙහි එන්නත්කරණ වැඩසටහන් සැළසුම් කර තිබියදී මෙරටතුල එම වැඩපිළිවෙල සාකච්ඡා මේසයෙන් ඔබ්බට ගොස් නොමැති බව විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පෙන්වා දුන්නා.
අවදානම් තත්වය පහව ගොස් නොමැති පසුබිමක යුක්රේනය වැනි රටවල සිට මෙරටට සංචාරකයන් ගෙන්වීමෙන් ජනතාවගේ ජීවිත මුහුණ දෙන අවදානම් තත්වයට වගකියන්නේ කවුරුන්දැයි ගයන්ත කරුණාතිලක මහතා මෙහිදී රජයෙන් ප්‍රශ්ණ කර සිටියා.
එමෙන්ම විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් වහා ක්රීයාත්මක කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.
More Stories
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම