රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවීම හා ලංගම බස් රථ යොදා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් ලිපි බෙදා හැරීමේ ප්‍රමාදයක් හටගෙන තිබෙනවා.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ දෙපාර්තමේන්තු වාහන පමණක් යොදා ගනිමින් ලිපි බෙදා හැරීම මේ වනවිට සිදුවන බවයි.
මේ හේතුවෙන් ලිපියක් බෙදා හැරීමට ගතවන කාලය දින දෙකකින් පමණ ප්‍රමාද වන බව ඔහු ප්‍රකාශ කලා.
තැපැල්පතිවරයා සඳහන් කලේ ලිපි බෙදීමේ වැඩිම ප්‍රමාදය කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින බවයි.
දෛනිකව ලැබෙන ලිපි හා පාර්සල් සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන්නේ දුම්රියෙනුයි.
එහෙත් ඒ සඳහා යොදා ගන්නා තැපැල් දුම්රිය පහම මේ වනවිට ධාවනය වන්නේ නැහැ.
ඇතැම් නිලධාරීන් නිරෝධායනය වීම මෙන්ම පිට පළාත්වලට යන නිලධාරීන් සෞඛ්‍ය රෙගුලාසි මත නිරෝධායනයට යොමු කිරීම හේතුවෙන් අවශ්‍යතාව පරිදි කාර්ය මණ්ඩලය යොදා ගැනීමේ අපහසුතා ද පැන නැගී තිබෙනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ