ශ්‍රී ලංකාව ආශ්රිත වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, නැගෙනහිර,උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තදවැසි ද ඇතිවිය හැකියි.
සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය: |
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති වේ. මෙම මුහුදු ප්‍රදේශයේ ඇතැම් ස්ථාන වලට තද වැසි ද ඇති විය හැක.සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
සුළඟ: |
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩිවන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී. |
මුහුදේ ස්වභාවය: |
කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. |
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 2021-01-03නගරයඋෂ්ණත්වය(සෙ. අංශක)සාපේක්ෂ ආර්ද්‍රතාවය(%)කාලගුණයඋපරිමඅවමඋපරිමඅවමඅනුරාධපුරය29239575විටින් විට වැසිමඩකලපුව28249575විටින් විට වැසිකොළඹ31249070සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකගාල්ල28239070සවස 2.00 න් පසුව වැසි හෝගිගුරුම් සහිත වැසි ඇති වේයාපනය27249570වැසි වාර කිහිපයක්මහනුවර27219580සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකනුවරඑළිය18139580වැසි වාර කිහිපයක්රත්නපුරය30239570සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේත්රිකුණාමලය28249570විටින් විට වැසිමන්නාරම29259070වැසි වාර කිහිපයක් |
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ