ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිර දඩුවමකට නියම වී සිටින මාළිගාවත්ත බෝධිරාජාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිවී තිබෙනවා.
2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ තිබී ගිනි අවියක් සහ උණ්ඩ හමුවීමේ සිද්ධියකට අදාළවයි උන්වහන්සේට දඩුවම් නියමවී තිබුණේ.
එම චෝදනාවට අදාළව ඌවතැන්නේ සුමන හිමියන් වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා උන්වහන්සේට ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළේ පසුගිය වසරේ ජුනි 01 වනදායි.
More Stories
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම