දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.
87 වන වියේ පසුවන ඒ මහතා වෘත්තියෙන් නීතිඥයෙකු වෙයි. ඔහු 2001 වර්ෂයේ සිට දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරයි. එසේම ඒ මහතා 2001 වර්ෂයේ සිටම දෙමළ ජාතික සංධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.
පසුගිය යහපාලන ආණ්ඩුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරණු ලැබුවේද සම්බන්ධන් මහතායි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ