ආණ්ඩු පක්ෂය තුළ විවිධ කෙනෙහිළිකම්වලට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමට සමඟි ජන බලවේගය සමඟ එකතු වෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔහු මෙම ආරාධනය කර සිටියේ මාවනැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.
කෙනෙහිළිකම්වලට මුහුණ දීම වෙනුවට මහත්වරුන් ලෙස ආත්මගරුත්වය තබා ගෙන රටේ හොඳ දේශපාලන පක්ෂයක් වන සමඟි ජන බලවේගය සමඟ එකතුවන ලෙසයි කබීර් හෂීම් මහතා පවසන්නේ.
”ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට මැතිවරණ කාලයේත් වේදිකාවේ හූ තිබ්බා. ජන්දෙන් පස්සේ හූ තියන්නේ නැතිව ඊට වඩා හූ තියවලා තියෙන්නේ. තමන්ට වැඩක් නැති ඇමතිකම් දීලා, තනතුරු නැතුව,එස්.බී.දිසානායක වගේ අයට ඇමතිකමක්වත් දීලා නැහැ. ඒ වගේ කෙනෙහිළිකම්වලට මුහුණ දෙනවට වඩා හොඳයි මහත්වරු වගේ තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරලා මේ රටේ හොඳ දේශපාලන පක්ෂයක් නියෝජනය කරන කණ්ඩායමක් වන අපිත් එක්ක එකතුවෙන්න. මේ රටේ පොදු ජනයාත් එක්ක එකතුවෙන්න හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න කියල මම කියනවා.”
රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමඟි ජන බලවේගය හදන පොදු වේදිකාවට ඉදිරියේදී තවත් විශාල පිරිසක් එක් වීමට නියමිත බවද මන්ත්‍රීවරයා කියා සිටියි.කබීර් හෂීම්ගෙන් ශ්‍රීලනිපයට ආරාධනයක්
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ