සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ගේ ඉන්ස්ටග්‍රෑම් ගිනුමට හැකර් ප්‍රහාරයක්

තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හැක් කර ඇති බව තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා පවසනවා.

සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

ඔහුගේ ගිනුම හැක් කරන ලද පුද්ගලයා විසින් විවිධ වීඩියෝ ද දමා ඇත.

ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා රසිකයින් හට යම් අපහසුතාවයක් ඇති වූව නම් ඊට සමාව අයදින බව ද එහි සඳහන්.

ධනංජය ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ, තම සමාජ මාධ්‍ය කණ්ඩායම අදාළ ගිණුම නැවත ලබාගැනීමට උත්සහ කරමින් සිටින බවයි.

ධනංජය සිල්වාගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි තිබු සියලු සටහන මකා දමා ඇති අතර එහි තිබු ඡායාරූපය ද වෙනස් කිරීමකට ලක් කර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com