සම්මත ක්‍රමවේදයට පරිභාහිරව සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමෙන් රට බරපතළ අනතුරකට මුහුණ දෙමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතියේ සිදුව ඇති වැරදි හේතුවෙන් මේ වන විටත් අනතුරුදායක තත්ත්වයකට මුහුණ දිය හැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. සංචාරකයින් මෙරටට ගෙන්වා ගන්නේ නම් තාක්ෂණිකව විද්‍යාත්මකව පිළිඅරගෙන තිබෙන ක්‍රමවේදයට ගැන්වීම පමණක් සිදුකළ යුතු බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.
සංචාරකයින් මෙරටට ගෙනඑන ගුවන් ගමන් වාර 12 ඇති බවත් මේ වනවිට එයින් පැමිණ ඇත්තේ තුනක් පමණක් බවත් හර්ෂ ද සිල්වා මහතා කියා සිටිනවා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ