මැතිවරණවලට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඇති කරගත් ගිවිසුම් ඔවුන් විසින් කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළකිරීමකින් පසුවන බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා.
ජනතාව මුහුණ දෙන ගැටළුවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වන තීන්දු තීරණ ලබා නොගතහොත් දැඩි තීන්දු ගැනීමට පක්ෂයට සිදුවනු ඇති බවයි මහනුවර ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් හා එක්වන ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු එහිදී ඔහුගෙන් ප්‍රශ්න කර සිටියා.
ඊට පිළිතුරු ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේ සමඟි ජන බලවේගයට අවශ්‍ය නම් පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා සිදුකිරීමට හැකියාව පවතින බවයි.
එමෙන්ම වෙනත් ඕනෑම පක්ෂයකට ද එම අවස්ථාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ