කොරෝනා ආසාදනය වූ රෝගියෙකු මාස එකහමාරකට පසුව යළිත් වරක් අද (15) සමාජයෙන් හඳුනාගෙන තිබෙනවා.
එම රෝගියා වාර්තා වන්නේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන්.
ඇය වයස 36ක පමණ වන අයෙකු බවයි වාර්තා වන්නේ.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ මීට පෙර වෛරසය ආසාදනය වී සුවය ලබා තම නිවසට පැමිණ සිටි කාන්තාවකටයි.
මෙම රෝගියා අනුරාධපුර මෙත්සිරි සෙවණ රෝහලට ඇතුළත් කර සිටිය දී හඳුනාගෙන තිබෙනවා.
එහිදී PCR පර්යේෂණ වාර්තා ධනාත්මක වීම නිසා ඇයව අංගොඩ රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.
අනුරාධපුර ශික්ෂණ රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කර ඇත්තේ ඇය කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටිය දී ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබු බවත් ඉන් අනතුරුව හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සුව වී සිටි බවයි.
ඒ අනුව කැබිතිගොල්ලෑවට පැමිණීමෙන් අනතුරුව නැවත අද වෛරසය ආසාදනය වී ඇති බවත් ඔහු සඳහන් කර සිටිනවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ