මහජන ධනය රුපියල් කෝටි දහසක් පමණ සීනි බදු වංචාවක් මගින් කොල්ලකෑමේ චෝදනාව එල්ල වී තිබෙන අදානි විල්මා සමාගම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ අද (04) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය.
එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, නීතිඥ සුනිල් වටගල මෙම පැමිණිල්ල අද පෙරවරුවේ ඉදිරිපත් කරනු ලැබීය.
රුපියල් 50ක්ව තිබූ සීනි ආනයන බද්ද ශත 25ක් දක්වා අඩු කොට අවස්ථා කිහිපයකදී මෙම මුදල කොල්ලකා ඇති බවට එම පැමිණිල්ලේ සඳහන්ය. මේ සම්බන්ධයෙන් සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා එම සභාපති ධූරයෙන් ඉවත් කරනු ලැබීය. එහෙත් ඔහු ලංකා සතොස ආයතනයේ දිගටම රැදී සිටි අතර මේ වනවිට ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ.
සීනිවලට අයකළ ආනයන බද්ද ඉවත් කර තිබුණද එතෙක් වෙළඳපොලේ පැවති රුපියල් 140ක් වූ සීනි කිලෝවක මිල බදු ඉවත් කිරීමේ වාසිය පදනම් කර ගෙන පාරිභෝගිකයාට ලබා නොදීමෙන් මෙම මුදල් කොල්ලය සිදු කර තිබේ.
කෙසේ වෙතත් නුෂාඩ් පෙරේරා ආණ්ඩුවට තිබෙන ප්‍රබල සම්බන්ධතාවය මත රුපියල් කෝටි දහසක බදු වංචා චෝදනා එල්ල වී තිබියදීත් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයකට මේ දක්වා යොමු කොට නැත. ජනතා විමුක්ති පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ මෙම පසුබිම තුළය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ