පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට නියම කර තිබූ ජීවිතාන්ත සිර දඬුවමෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සිදුවුයේ තමන් විසින් කරන ලද මැදිහත්වීම මත බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.
2010 වසරේ දී ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණයෙන් වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ උන් වහන්සේ සමග තමන්ද සමීපව වැඩ කල බවත් එහිදී ජනාධිපතිවරණයෙන් පසු යම් සිදුවීමක් නිසා සිරගත වීමට සිදු වූ බවද පවසන ඇය උන්වහන්සේගේ මෑණියන් මෙම සිදුවීමෙන් දැඩි ලෙස අසරණ වූ බව ද තමන් හමුවීමට පැමිණ හඬා වැලපුණු බව ද සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදුන් බවත් ඉන් පසු තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කර ඔහුව මේ සදහා එකඟකරගත් බවත් ඩයනා ගමගේ මහත්මිය පවසයි.
ඒ අනුව ජනාධිපති සමාව යටතේ උන්වහන්සේ නිදහස් වූ බවද මේ සම්බන්ධයෙන් මැදිහත් වූ සියලු පාර්ශ්වයන්ට පින් දෙන බවද ඇය කියා සිටියාය.
More Stories
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්