මෙරට කාන්තාවන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් නොමිලේ ලබාදිය යුතු බවට සමගි ජන බලවේගය දරන ස්ථාවරය ජයගන්නා තෙක් ඒ වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී අරගලයක නිරතවීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.
නව වසර වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු අද මේ බව කියා සිටියේ.
6 ශ්‍රේණියෙන් ඉහළ දැරියන්ට සනීපාරක්ෂක පහසුකම් නොමිලේ ලබාදීමට රජයේ අවධානය යොමුව ඇති බවට පලව ඇති වාර්තා පිළිබදව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී තම ස්ථාවරය පැහැදිලි කළා.
කාන්තාවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරි දැක්මකින් යුතුව තමන් ජනාධිපතිවරණයේදී රට හමුවට ගෙන ආ මතය නිවැරදි බව වත්මන් ආණ්ඩුව ප්‍රමාදවී හෝ තේරුම් ගැනීම පිළිබඳ තමන් සතුටට පත්වන බවයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ