රුපියල් කෝටි 130 ට වැඩි වටිනාකමට මිල කරන ලද අයිස් සඑ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 214 ක් සිය භාරයට ගැනීමට ආරක්ෂක අංශ අද සමත්වුණි.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ බන්ධනාගාරගතව සිටින “කොණ්ඩ රංජි” නම් පුද්ගලයෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වා ඇති බවය.
මීගමුවට හා මාරවිලට කිලෝමීටර 25 ක පමණ දුරින් පිහිටි ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අද (04) මෙම මත්ද්‍රව්‍ය වැටලීම සිදුකෙරිණි.
මෙහෙයුම දියත් කෙරුණේ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය, නාවික හමුදාව සහ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඒකාබද්ධව ය.
මාසයක පමණ කාලයක් ඒකාබද්ධව සිදුකළ එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස අද මෙම මත්ද්‍රව්‍ය තොගය සිය බාරයට ගනු ලැබුවේ බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබියදී ය.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 126 ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 88 ක් එහිදී සොයාගත් අතර ඒ සමඟ පුද්ගලයන් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගැනුණි.
පොලීසිය පැවසුවේ මාරවිල තෝඩුවාව ප්‍රදේශයේ පදිංචි මෙම ධීවර යාත්‍රාවේ හිමිකරු, එය මෙහෙයවූ පුද්ගලයා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගත් බවය.
පාකිස්තාන ජාතිකයෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය මෙරටට එවා ඇති අතර මෙහි ප්‍රධාන ගැණුම්කරු මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙක් බව හෙළි වී තිබේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ