ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි ඌවතැන්නේ සුමන හිමි ජනාධිපති සමාව යටතේ නිදහස් කළා නම් එම අයිතිවාසිකම දුමින්ද සිල්වා මහතාටත් හිමිවිය යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ නිසා දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව හිමිවන්නේ නම් ඊට කිසිවෙකුටත් විරුද්ධ විය නොහැකි බවයි ඇමතිවරයා පවසන්නේ.
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළේය.
විශාල ආයුධ තොගයක් ලඟ තබාගැනීමේ චෝදනාව මත ඌවතැන්නේ හිමිට දඬුවම් හිමි වූ බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ එවැනි පුද්ගලයෙකුට ජනාධිපති සමාව හිමිවන්නේ නම් අසාධාරණ නඩු විභාගයකින් මරණ දඬුවම හිමි වූ දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව යටතේ හෝ සාධාරණය ඉටුවිය යුතු බවයි.
දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම හිමිවූයේ සාධාරණ නඩු විභාගයකින් නොව දේශපාලන බලපෑම් මත බව රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද හරහා තහවුරු වී ඇති බවද වීරවංශ මහතා පෙන්වා දෙනවා.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට