අම්පාරේ ප්‍රදේශ 4 කට සංචරණ සීමා

අම්පාර නගර බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 4කට සංචරණ සීමා පනවා තිබෙනවා.

අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ ඒ අනුව මිහිදුපුර ඉන්ද්‍රසාර පුර සේනානායකපුර සහ ජයවර්ධන පුර වසම් වලට සීමා පනවා ඇති බවයි.

කෙසේ වෙතත් අම්පාර හිගුරාන ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට ඉඩ ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය අංශ උපදෙස් අනුව නගර පිවිසුම් මාර්ග හා මංසන්ධි ආශ්‍රීතව පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව අම්පාර මුලස්ථාන පොලිසිය සදහන් කලා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com