වේගයෙන් වර්ධනය වන දිල්ලියේ කොවිඩ් 19 ආසාදිතයන් හට ප්‍රතිකාර කිරීම පිණිස රෝහල් වාට්ටුවල ඉඩකඩ නොමැති හෙයින්, ඒ වෙනුවෙන් දුම්රිය මැදිරි 500 ක් යොදාගැනීමට ඉන්දීය බලධාරීන් කටයුතු යොදා තිබෙනවා. එම මැදිරිවල ඇඳන් 8,000කට වැඩි ගණනකට ඉඩ ඇතැයි ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා සඳහන් කර තිබෙනවා.
හදිසි අවස්ථා පිළිබඳ නව රෙගුලාසි යටතේ අගනුවර සාත්තු නිවාසද කොවිඩ් රෝහල් වශයෙන් යොදා ගැනීමට රජය තීරණය කර ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ වනවිට ඉන්දියාවෙන් දෛනිකව හමුවන නව ආසාදිතයන් සංඛ්‍යාව 12,000ක් පමණ වන අතර ඇමෙරිකාව, බ්‍රසීලය සහ රුසියාවට පසු එනම් ලෝකයේ 4 වැනි ස්ථානයට කොවිඩ් ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.
වඩාත්ම නරක තත්ත්වය මහාරාෂ්ට්‍රයේ පවතින අතර, දෙවැනියට තමිල්නාඩුවද, තෙවැනියට දිල්ලියද එරටින් වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වන ප්රාන්තයන් වනවා.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්