ඉකුත් වර්ෂයේ සැප්තැම්බර් 11 දින 11 දෙනෙකුගෙන් යුත් යුක්රේන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් එම යුක්රේනියානු ජාතිකයන්ගෙන් එල්ල වූ 9/11 ප්‍රහාරය හරහා මෙරට දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වූ බව ජාතික ජන බලවේග මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ හෙළිදරව්වක් කරන ලදී.
වසංගත රෝග පිලිබද ඒකකයෙන් කරපු පරීක්ෂණවලින්ද ඒ බව එළිදරව් වී තිබෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ මොහොත වන විටත් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නියෝජ්‍ය කළමනාකරු ලලිත් වීරසිංහ මහතා කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබෙන බවත් එවැනි තත්ත්වයක් තුළ සියල්ලටම ලබන සදුදා සිට සේවයට පැමිණෙන ලෙස වෛද්‍ය උපදෙස් ද නොතකා ආණ්ඩුව නියෝග දී තිබෙන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
ගුවන් තොටුපල සේවකයන්ගේ සියලු දීමනා කපා තිබෙන අවස්ථාවක කැමතිනම් රු.2500 දී ධම්මික පැණි බෝතලයක් ගන්නා ලෙසද ආණ්ඩුව සේවකයන්ට උපදෙස් වී තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ