මේ වන විට 2020 උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝයෝගික පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් සිය ප්‍රවේශ පත්‍රයේ සඳහන් මධ්‍යස්ථානයේදීම පෙනී සිටිය යුතු බවයි.
ඒ හේතුවෙන් නිරෝධායන සංචරණ සීමා බලපැවැත්වෙන ප්‍රදේශවල සිට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගි වන සිසුන්ට ඒ සඳහා අවසර පත්‍රයක් ලෙස ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැදුනුම්පත ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට 0112 784 208, 0112 784 537, 0113 188 350 හෝ 1911 දුරකථන අංක භාවිතා කළ හැකියි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ