මෙරට ගවයන් අතර පැතිර යන නව චර්ම වෛරස් රෝගයක් පිළිබඳව දිවයිනේ ප්‍රදේශ ගණනාවකින්ම වාර්තා වී තිබේ.
පොළොන්නරුව, අනුරාධපුර, මහනුවර ඇතුළු කිරි ගවයින් ඇති කරන ප්‍රදේශ කිහිපයකින් මෙම රෝගය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බව ප්‍රදේශ කිහිපයක පශු වෛද්‍යවරුන් සඳහන් කළේය.
සමේ තුවාල සහ ගැටිති හට ගැනීම, උණ වැනි රෝග ලක්ෂණ මෙම රෝගය වැළඳුණු සත්වයන්ගේ දක්නට ලැබෙන බව වාර්තා වේ.
මෙම රෝගය මැස්සන් මගින් පැතිරෙන ලම්පි ස්කින් ඩිසීස් නම් වෛරස් රෝගයක් බවට හඳුනාගෙන ඇති අතර මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ පළමු වතාවට බවයි පොලොන්නරුව පශූ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා සඳහන් කළේ.
සමේ තුවාල සහ ගැටිති හටගැනීම, සතුන් උදාසීන වීම, උණ, ආහාර අරුචිය, ඇස් හා නාසයෙන් ශ්‍රාවයක් පිටවීම යන ප්‍රධාන රෝග ලක්ෂණ මෙහිදී දැකගැනීමට ලැබෙන අතර රෝගයට ගොදුරු වූ ගවයින්ගේ කිරි නිෂ්පාදනය සීඝ්රයෙන් අඩුවීම, ගබ්සාවීම්, ප්‍රජනන හැකියාව දුර්වල වීම ද දක්නට ලැබෙන බව සඳහන්.
ඒ අනුව මෙම වෛරස් රෝගයට අදාළ එන්නත් ගෙන්වීම පිළිබඳව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත. එහෙයින් සතුන්ට මෙම රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම ළඟම පිහිටි රජයේ පශූ වෛද්‍ය කාර්යාලයට දැනුම් දෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ