බලංගොඩ නගර සීමාවේ මුස්ලිම් දේවස්ථාන 5ක දේව මෙහෙයන් තාවකාලිකව නතර කර දැමීමට පියවර ගෙන තිබෙනවා.බිළිදෙකු සහ කාන්තාවක් කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගැනීමත් සමග මෙම පියවර ගත් බවයි බලංගොඩ නගර සභාවේ සභාපති චමික වැවේගෙදර මහතා සඳහන් කළේ.මේ අතර, ලබන 17 වනදා සිට බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ඉරිදා දහම් පාසල් ආරම්භ කරන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යංශය ප්රකාශ කළා.කෙසේ වෙතත් බස්නාහිර පළාත සහ හුදෙකළා කර ඇති ප්රදේශවල ඉරිදා දහම් පාසල් තවදුරටත් වසා තැබෙනු ඇති.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ