පුද්ගලික මාධ්‍ය ආයතනයක් වන දෙරණ රූපවාහිනී නාලිකාවෙන් පසුගිය දිනවල විකාශයවූ “පොදු” නැමති ටෙලි නාට්‍යයේ විකාශයවූ ඇතැම් දර්ශන තුළින් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය සඳහා ප්‍රචාරයක් ලබාදුන් බවට දම්පල් දරුවෝ ජාතික සංවිධානය පවසනවා.
දෙරණ ආයතනයේ හිමිකරු වන දිලිත් ජයවීර මහතා, දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රධානීන් සහ පොදු ටෙලි නාට්‍යයේ නිෂ්පාදකයින් විසින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත චේතාන්විතව කඩකිරිම නිසා උපරිමය රුපියල් මිලියන දෙකක දඩයකට යටත්වන වරදක් කරඇති බවට පවසමින් දම්පල් දරුවෝ ජාතික සංවිධානය සාක්ෂි සහ තොරතුරු සහිත ලිඛිත පොලිස් පැමිණිල්ලක් කොළඹ කොටුව පිහිටි පොලිස් මූලස්ථානය වෙත 2021-01-08 වන අද දින පෙරවරු 09.00ට භාරදෙනු ලැබුවා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ