කොවිඩ් 19 දෙවැනි රැල්ලෙන් පසුගිය මාස තුනේ දී මිය ගිය දෙසිය දෙනාගෙන් සියට හතළිහක් මිය ගොස් ඇත්තේ නිවෙස්වලදීම බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් 04 වැනිදායින් ආරම්භ වූ කොවිඩ් 19 දෙවැනි රැල්ලෙන් ජනවාරි 04 වැනිදා වන විට 200ක් මිය ගොස් තිබියදී එසේ මිය ගිය අයගෙන් වැඩිම දෙනා කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අය අතර එම සංඛ්‍යාව විසි හයකි.
මිය ගිය අයගෙන් හැට දෙනකු වයස අවුරුදු 70-80 අතරේ පසු වූවන් වන අතර මියගිය වයස්ගතම පුද්ගලයා කෝට්ටේ ප්‍රදේශයේ අවුරුදු 98ක පිරිමි පුද්ගලයෙකි. ඔහු පසුගිය දෙසැම්බර් 06 වැනිදා හෝමාගම රෝහලේ දී මිය ගියේය. කොරෝනා රෝගයට බිළි වූ ලාබාලතමයා දින විස්සක දරුවෙකි.
මෙසේ මිය ගිය දෙසිය දෙනා වාර්තාවෙන්නේ දිස්ත්‍රික්ක එකොළහකිනි
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව