යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ආරක්ෂාව තරකර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් එම පියවර ගත් බවයි.
විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කර තිබූ එල්.ටී.ටී.ඊ. සැමරුම් ස්මාරකයක් බැකෝ යන්ත්‍රයක් යොදා ඉවත්කිරීමට පාලන අධිකාරිය කටයුතු කිරීමේ සිද්ධිය මුල්කරගනිමින් ඊයේ පස්වරුවේ නොසන්සුන්කාරී තත්ත්වය හට ගත්තා.
විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වී නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තත්ත්වය පාලනයට විශේෂ කාර්ය බලකාය කැඳවීමට ද පියවර ගැනුණා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ