පොලොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ සියලුම වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
එලෙස වාන් දොරටු 10 ම විවෘත කරනු ලැබුවේ වසර තුනකට පසුව බවයි පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්යක්ෂ එස්.කේ.හේවාගම මහතා සඳහන් කළේ.
දොරටු 8 ක් අඩියක් බැගින් ද දොරටු 2 ක් අඩි දෙක බැගින් ද විවෘත කර ඇති අතර මේ හේතුවෙන් ජලය තත්පරයට ඝන අඩි 1, 620 ක් පිටතට මුදා හැරෙනවා.
පහත් බිම් ජලයෙන් යට වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දුන්නේ.
More Stories
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්
මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වන දිනය පිළිබඳ දැනුම්දීමක්
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්