ඇමති වාසුදේවටත් කොරෝනා ආසාදනය වෙයි

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව ඒ බව තහවුරු වු බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ.

අමාත්‍යවරයාගේ ආශ්‍රීතයන් හදුනා ගැනීම සදහා මේ වන විට කටයුතු කරමින් සිටින බව සදහන්.

අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේට ද කොරෝනා වෛරසය ආසාදනය වූ අතර, ඒ අනුව, ඔහුගේ ආශ්‍රිතයන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com