ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ශාරීරික යෝග්‍යතා කාර්යය සාධන කළමනාකරු වශයෙන් දකුණු අප්‍රිකානු ජාතික ග්‍රාන්ට් ලූඩන් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව ලූඩන්ගේ සේවය අද (11) සිට බලපැවැත්වෙනු ඇත.
ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ විශේෂඥයකු වන ලූඩන් ජාතික තලයේ පසුවන ක්‍රීඩකයින්ගේ ශක්තීන් වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතරම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින සමස්ත කණ්ඩායම් සියල්ලෙහි ශාරීරික යෝග්‍යතා කාර්යය සාධනය භාරව කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත්තුවකට එළැඹීමට ප්‍රථම 2014 වසරේ සිට 2019 වසර දක්වා වූ කාල සීමාවේදී ලූඩන් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳව මෙන්ම පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද කටයුතු කර තිබේ. පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම 2017 වසරේදී චැම්පියන්ස් කුසලාන දිනා ගන්නා අවස්ථාවේදී කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය දියුණු කර ගැනීම සඳහා ලූඩන් වැඩි දායකත්වයක් දක්වනු ලැබීය. ඊට අමතරව ඔහු 2008 සහ 2013 කාලසීමාවේදී බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳව පුහුණුකරු ලෙසින් කටයුතු කරමින් අත්දැකීම් සම්භාරයක් ලබා ඇති අයෙ
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ