මහජන නියෝජිතයන්ට මරණ තර්ජන කර බියගැන්වීම ශීලාචාර සමාජය ප්‍රතික්ෂේප කරනවා – හිටපු කතානායක කරු ජයසූරිය

රටේ රාජ්‍ය නායකයා සිදු කරන කතාබහ, ප්‍රකාශ කෙරෙහි රටේ ජනතාවගේ අවධානය යොමුවීම සාමාන්‍ය දෙයක් හා නොවැළැක්විය හැකි තත්වයක් බවත්, එවැනි ජනාධිපතිවරයා එම තත්වය තේරුම් ගෙන කටයුතු කළයුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා අම්පාරේදී සිදුකළ ප්‍රකාශය තර්ජනයක් ලෙස ඇතැම් පුද්ගලයන් සලකන බව පෙන්වා දෙන කරු ජයසූරිය මහතා පවසන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පවා ජනාධිපතිවරයාට, ජනාධිපතිවරයා ලෙස නොව හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන්නැයි ඉල්ලා සිටින පසුබිමක ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තර්ජනයක් ලෙස සැලකීම සාධාරණ බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයක ප්‍රචණ්ඩත්වය හා ජීවිත තර්ජන අපි කිසිසේත් අනුමත නොකරන බවත් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට හෝ ඕනෑම මහජන නියෝජිතයකුට මරණ තර්ජන කරමින් බිය ගැන්වීම ශීලාචාර සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බවත් කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com